Kuda Man (කුඩ මෑන් කෙටි චිත්‍රපටය)

කුඩ මෑන්

Kuda Man Official Trailer 2019 | Tokka Cinema

Kuda Man Leather Kingdom Short Film YouTube Link. Touch Hear

කුඩ මෑන් කෙටි චිත්‍රපටයේ කතාංගය පිළිබඳව කෙටි සදහනක් කරන්න සිතුවා, දිමිත්‍රී කියන්නේ ව්‍යාපාරිකයෙක්, ඔහු තමන්ගෙ ව්‍යාපාර කරන ගමන් තවත් නීතියෙන් තහනම් ව්‍යාපාරයක් සිදු කරනවා, ඇත්තෙන්ම මේ කතාංග දිවයන්නේ මේ ව්‍යාපාරය පිළිබඳවයි. එනම් මත්ද්‍රව්‍ය වෙළෙදාමයි. දිමිත්‍රී යටතේ මේ ක්‍රියාවට සහය දීමට විශාල සේවක පිරිසක් සිටී. ඔවුන්ගෙන් ප්‍රධානියා වනුයෙ ටයිගර් නැමැත්තෙකි. දිමිත්‍රීගෙ සියලුම හොර රහස් ව්‍යාපාර පිළිබඳව මුල් තැන ගෙන කටයුතු මෙහෙයවනු ලබන්නේ ටයිගර් විසින්ය.

කතාවේ ආරම්භයෙන් පෙන්වන්නේ රටක් විදියට කෙතරම් සුන්දර උවත් මෙවැනි අපරාධ හා නීතියෙන් තහනම් වූ ව්‍යාපාර වල අසුන්දර බවය.

ඉතින් දිමිත්‍රීගේ මේ වෙළෙදාමෙදී එක් දිනක් ඔහු එම වෙළෙදාම කරන අවස්ථාවක් ඉලක්ක කර මේ ක්‍රියාව නැවැත්වීමට හා මොවුන් අල්ලා ගැනීමට ඉතාමත් රහසිගතව ක්‍රියාත්මක වන ආරක්ෂක අංශයක් යුහුසුළුව තම මෙහෙයුම් දියත්කරයි. කෙතරම් රහසිගත ආරක්ෂක කණ්ඩායමක්ද කිව්වොත් ඒ බව දැන ගන්න මේ චිත්‍රපටය නරඹන ඔයාලට ඒක හොදට තේරුම් ගන්න පුලුවන් වන බව නොඅනුමානය. තවත් එහි රහසිග බව ගැන කිව්වොත් මෙම චිත්‍රපටයේ දෙවනි කොටසත් එනකම් ඉන්න වෙයි එහි ඒක බලාගන්න. (ඔන්න පළමු ඉගිය දුන්න Kuda Man චිත්‍රපටයේ දෙවන කොටසක් ගැනත්) මේ ආරක්ෂක අංශයේ නම ටී.සී නම් වේ.

ටී.සී ආරක්ෂක අංශයෙහි එක් කණ්ඩායමක් විසින් තමයි දිමිත්‍රීගෙ මත්ද්‍රව්‍ය වෙළෙදාම ගැන තොරතුරු රැස්කිරීම කරන්නෙ. මේ කණ්ඩායමේ සෑම්, ශර්මන්, සහ හන්ට් යන ත්‍රිත්වයෙන් සමන්විත වෙයි. මොවුන් ලග සාමන්‍ය ආරක්ෂක අංශ වලට නොමැති විශේෂ ආරක්ෂක ආයුධ උපකරනත් තියනවා. ඒවා ගොඩක් තාක්ෂණික වශයෙන් දියුණු ආයුධ. ඒව ගැන බලන්න නම් චිත්‍රපටය බලන්නම වෙයි. චිත්‍රපටයේ නම හැදෙන්නෙත් මේ ආයුධයක් මුල් කරගෙනයි. අහා අමතක උනා, මේක ඔයාලට නම් අයුධයක් නොවෙන්න පුලුවන්. නමුත් ටී.සී එකෙ අයට මේක විශේෂ ආයුධයක්..

හන්ට්, මේ නම ගැන ඔයාලා චිත්‍රපටය බලද්දි තෙරුම් ගනී ඔහු කවුද යන්න වග. මම වැඩි දෙයක් කියන එක හරි නෑ නේ. ✌️😊.. ඉතින් ඔන්න කතාව ගැන කිව්වා.

නැහැ.... කතාවේ ආරම්භයක් ගැන හැදින්වීමක් පමණයි.

ඉතිරි ටික දැන ගන්න, බලාගන්න Kuda Man බලන්න. පටන් ගත් විනාඩියේ ඉදලා අවසාන විනාඩිය දක්වාම බලන්න. මොකද අවසාන තප්පර කිහිපයෙනුත් චිත්‍රපටය ගැන කියවෙන රූප රාමු තිබෙන නිසා.

අමතක උනා මේකේ ජොනී කියලා පට්ට සුපිරි චරිතයක් ඉන්නවා, එයාගේ වැඩ ගැන ඉතින් කියනවා නම්...... හ්ම්....

ඇති නේ...


#Kuda_Man
#Tokka_Cinema

No Comments Yet.

Leave a comment