ලාංකීය සිනමාවේ නැගිටීම | Sri Lankan Film Industry

ලාංකීය සිනමාවේ අද තත්වය

ලාංකීය සිනමාව අද  අපට දැනෙන විදිහට තිබෙන්නේ ගොඩක් පහල තාක්ෂණයක ,  කැමරාකරණයේ සිට කිසිදු දෙයක් හරිම විදිහට දකින්නට නැහැ , ගොඩක්ම චිත්‍රපට සම්භාව්‍ය, වාණිජ  ලෙස එලියට දැම්මත් කිසිදු තාක්ෂණයක් , කොලිටි එක කියන දේ මේ නිර්මාණ වල දකින්නේ නැ ,

අනන්තවත් ලංකාවේ  අංක එකේ වැඩකාරයෝ ඉන්නවා  හොද නිර්මාණයක් එලියට අරන් එන්න පුළුවන්, නමුත් මේ වැඩකාරයෝ ටික ඉන්නේ තාමත් හැංගිලා , ඔව්න්ව එලියට ඇදල ගන්න නම් ලාංකීය සිනමකරණයේ වෙනසක් සිදු වෙන්න ඕනේ ,

දැනට ලංකාවේ නිර්මාණය වන සිනමාපටයක් අවොත් මුලිකවම සම්භාව්‍ය සහ වාණිජ කියන තේමා  දෙක මුල් කරගෙන තමා පැමිණෙන්නේ., ගොඩක් වෙලාවට හාස්‍ය රසයත් තිබෙන සිනමා පැමිණියත් ඒවාහි පැවැත්ම ඉතා අඩුයි,  මෙතන මුලිකවම තියන ප්‍රශ්නය වෙන්නේ   සිනමාපටයක්  නිෂ්පාදනයේදී , එහි තේමාව කියන දේ ලාංකීය චිත්‍රපට නිෂ්පාදකවරුන් එකම රාමුවකින් හිතන එක , ගොඩක්ම වෙලාවට මෑතකදී ආපු මායා කියන චිත්‍රපටිය ලංකාවේ තරමක් දුරට ප්‍රේක්ෂකයන් වැලදගත්තා, නමුත් එතනින් පසු තවත් අත්බුත ගනයේ තේමා සහිත නිර්මාණ පැමිණීමක් දක්නට ලැබුනා ,.  මට දැනෙන විදිහට ලාංකීය සිනමාව නව මානයකට ගෙනියන්න ලාංකීය සිනමාවට ෆැන්ටසි ෆිල්ම් සංස්කෘතිය අවශ්‍යයි. ගොඩක්ම ලොකු තාක්ෂණයකින් පටන් ගත්තේ නැති උනත්,  දැනට ලංකාවේ තියෙන තාක්ෂනය හා ලංකාවේ සිටින තරුණ පරපුරේ දැනුමත් එක්ක බලද්දී අපිට ඉහල තත්වයේ ෆැන්ටසි නිර්මාණ හදන එක අනිවාර්යයෙන් කරන්න පුලුවන්,

 

සිනමලාංකිය සිනමකරණය තුල සුපිරි වීරයන්ගේ චරිත ලෙස බැබලෙන්නේ,   දකුණු ඉන්දීය චිත්‍රපට තුල විරයන්සේ හැසිරෙන අබාෂය ලබාගත් චරිතයි , ඇයි මේ සිනමා නිෂ්පාදකයින් ලංකාවේ සිනමාකරණ තුල වෙනසක් කරන්න අකමැති ? අපි එකට කියමු රාමුව තුල කොටු වූ මිනිසුන් කොටසකගේ ආධිපත්‍ය කියලා .. ලාංකීය සිනමාව  දුර්වල වෙන්න මම දකින ප්‍රධානම දේ තමා කුහක සිනමා මාෆියාවක් ඒ තුල ගොඩ නැගී තිබීම .  ඒ සිනමා මාෆියාව තුලින් ඔව්න්ගේ සිනමා පට පමණක් හෝල් තුල ප්‍රචාරණය ,නව නිරමාණ බැහැර කිරීම  උදාහරණයක් ලෙස ලගදි පැමිණි කාල කියන චිත්‍රපටයට ඇති වූ කුඩම්මාගේ සැලකිලි , තුලින් මේ කුහක කම් පැහැදිලි වෙනවා ,

ඊට අමතරව විශ්වවිද්‍යාල  තුල තරුණ පරපුරගේ මොළ තුලට හණමිටි අදහස්  ලබා දීමට එවැනිම නිෂ්පාදකයින් ගෙන් දේශන පවත්වා වැඩක් නැත ..

කවදද විශිෂ්ඨ ගනයේ අන්තර්ජාතික සිනමා නිර්මාණ ලංකාව තුලින් බිහිවන්නේ ?  එකට වෙනස්ම විදිහට හිතන තරුන පිරිසකගේ එකමුතුවක් අවශ්‍යයි , සහ මේ කතා රාමු වලින් එලියට ඒමක් අවශ්‍යයි ,   සුපර් මෑන් , ලෝර්ඩ් ඔෆ් ද රින්ග්, පයිර්ට්ස් ඔෆ් ද කැරිබියන්  යන නිර්මාණ වැනි විශිෂ්ට ගනයේ නිර්මාණ ලංකාව තුලින් බිහි කිරීමට නම් නිෂ්පාදකවරුන් පටු අරමුණු නොතකා කතාවක් නිර්මාණය කල යුතුයි ,ඒ නිර්මාණය කල කතාවට පරිගණක තාක්ෂනය පැත්තෙන් ලොකු පිටුවහලක් ලබා දිය යුතුයි ,, සිනමාහල් වලට දැමීමේදී අනුග්‍රාහකයා ලාංකීය සිනමාව ගැනත් සිතිය යුතුයි ,,

ගොඩක් දුරට සම්භාව්‍ය කියා සාදා ලාංකීය ප්‍රේක්ෂකයා තුලට පැමිණෙන චිත්‍රපට , යුරෝපයේ තුට්ටුදෙකේ චිත්‍රපටි වල උපුටා ගැනිම්ය, ලංකාව තුල තහනම් උන අක්ෂරය නම් චිත්‍රපටියත් , ලාංකීය සිනමාවට ගෙනෙනා පුස් වෙඩිය,  අශෝක යනු රට රට වල ඇවිදිමින් දකිනා නිර්මාණ වල ඇති කලවම් අදහස් එක කොට ෆිල්ම් අච්ච්රු කර සම්භාව්‍ය  ලේබල් එකෙන් ලංකාවේ සිනමාකරණය කරන මහත්මයෙකි , සුනිල් ටී ෆිල්ම් ,සෝමරත්න සැවොම  එකම තැන පල් වෙමින් සිටි . තරුණ තරුණියන් මොවුන්ගේ ෆිල්ම් බලන්න යන්නේ බොක්ස් එකටය ,ෆිල්ම් එක බලන්නේ අතලොස්සකි ,එකත් මාකටින් වලට පිං සිද්ද වෙන්නය .  නමුත් Avengers  ,Deadpool වැනි නිර්මාණ ලංකාවට ආ විට ටිකට් එක ගන්න පොරකන්නේ ඒ ෆැන්ටසිය බැලීමට ආසා කරන නිසාය ,,

 

 

ලාංකීය සිනමා නිෂ්පාදකවරු බයයිද රාමුවෙන් පිට නිර්මාණ ප්‍රසිද්ද නොවුනොත් කියා ? ඔව් එහෙම බයකුත් තියෙන්න පුළුවන් ,එත් අලුත් දේට මිනිසුන් ආසා කරනවා ,  පීනන්න ඕනේ නම් ගගට බහින්නම වෙනවා . කොහොම උනත් සෑම මනුස්සයෙක්ගේම රියැලටි එක දුකක් වෙද්දී, ඒ මිනිස්සුන්ට ෆැන්ටසිය සැපක් වෙනවා , සිනමාවෙන් ෆැන්ටසිය රියැලිටිය තුලට ගෙන්වා .

ලංකාව තුල මෙවැනි නිර්මාණ බිහි කිරීමට  සියලු පහසු කම් ඇත, නමුත් ශේෂ්ත්‍රය  තුල ඉන්න අයගේ සිතුවිලි නිසා ඒ දේ යටපත් වී තිබේ , පේර ගෙඩියක් කැඩීමට කොක්කක් නැත්තනම් , බෝතලයක් කපා හරි යාන්ත්‍රණය සකස් කරගැනීම , එම පුත්ගලයාගේ හැකියාවකි , එවැනි සිනමා මෙරට තුල සැදීමට තාක්ෂනය නැතැයි කියා සිතනවාට වඩා , නිර්මාණශීලි හා බුද්ධිමත් වී එය සැදීම අධ්‍යක්ෂක වරයාගේ හා ඔහුගේ කණ්ඩායමේ දක්ෂතාවයකි ,, නමුත් ලගදීම දවසක් පැමිණේවි ලාංකීය සිනමාව තුල මේ සියලු රාමු බිදින දිනය ,   සම්බාහාල් ෆිල්ම් රෙද්දේ එල්ලීගෙන සුවද විදින කබ්බන්ට ඇපත් නැති වෙන ,එදිනට ලාංකීය සිනමාවේ හා සිනමා තාක්ෂණයේ වටිනාකම දෙස මුළු ලෝකයේම ඇස යොමු වේවි,, මේ ගමනට මගේ උපරිම ශක්තිය දීම එකම අරමුණයි , ෆැන්ටසි සිනමාසංස්කෘතිය ලංකාවේ පුළුල් ලෙස පැතිරවීම සහ අන්තර්ජාතික මට්ටමට ලාංකීය සිනමාව ගෙන එම මගේ බලාපොරොත්තුවයි  .දැනටත් කුඩා ලෙස ආරම්භ කර ඇති මේ ගමන දිනක පුළුල් ලෙස පැතිරයන වග මම දනිමි . මේ ගමන සදහා මා ලග සිටින,  රාමුවෙන් එහාට හිතන සියලු සගයනි ඔබලාගේ කැපවීම සහ උත්සාහය මිලකළ නොහැකිය   ,

 

නිශාන් ජීවන ,

www.srilankamovies.com